කොවිඩ් කාලය තුළ අධ්‍යාපන විද්‍යාලවලට රුපියල් මිලියන 936ක අලාභයක් – ඇමති

කොවිඩ් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ලෙස භාවිත කළ රටපුරා අධ්‍යාපන විද්‍යාපීඨවලට රුපියල් මිලියන 936ක අලාභයක් සිදුව ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.

මෙම ස්ථාන කොවිඩ් පුනරුත්ථාපන කටයුතු සඳහා යොදා ගැනීමේදී භෞතික සම්පත් විනාශ වීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

මෙම ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ලෝක බැංකුවෙන් ඉල්ලා ඇති බවත් එහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 200 ක අත්තිකාරම් මුදලක් ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ලබන වසරේ ජුනි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *