කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට දැන ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන්නේ,කොවිඩ් ආසාදනය වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීම සඳහා විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමටයි.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ කොවිඩ් -19 ආසාදනය වන සියලු රැඳවියන්ගේ තොරතුරු මෙම ඒකකයෙන් ලබාගැනීමේ හැකියාව පවතින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා,

“කොවිඩ් තොරතුරු කේන්ද්‍රයක් බන්ධනාගාර මූලස්ථානයේ ස්ථාපිත කළා. බන්ධනාගාරගත රැඳවියා කොවිඩ් ආසාදිතයෙකු නම් පමණක් ඒ පිළිබඳව තොරතුරු ඥාතීන්ට දැනගන්න පුළුවන්. 0114 677 101 අංකය ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු දැනගත හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *