ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබේ.
අදාල ගුරුවරයාට ඩෙංගු වැලඳීම නිසා රෝහල් ගත කර ඇති අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම ගුරුවරයා විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති අතර, ඔහුගේ ආශ්‍රිතයන් ලෙස 7 සහ 8 ශ්‍රේණිවල ගුරුවරුන් හා සිසුන් හැත්තෑවක පමණ පිරිසක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා අද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.