කොවිඩ් අරමුදලෙන් PCR පරීක්ෂණ කටයුතු සඳහා මිලියන 36ක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් ලබා දී තිබේ. ඊට අදාළ චෙක්පත මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ඊයේ (24) දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත පිරිනමා තිබේ.

PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර ඇති අතර මේ වන විට කොවිඩ් -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525ක් ඉක්මවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *