කොරෝනා සඳහා නිපදවූ එන්නත ලබන මාසයේදී අත්හදා බැලෙයි

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත මිනිසුන් සඳහා අත්හදා බැලීමේ ක්‍රියාවලිය ලබන මාස සිදුකරන බව ලන්ඩන්හි පිහිටි ඉම්පීරයල් විශ්ව විද්‍යාලය සහ අමෙරිකාවේ Moderna and Inovio ඖෂධ සමාගම නිවේදනය කර සිටිනවා.

ඉම්පීරියල් විශ්ව විද්‍යාලය කොවිඩ් 19 සදහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත සදහා පර්යේෂණ ආරම්භ කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මාසයේදීයි. ඒ විවිධ සතුන් යොදා ගනිමින්. ඒ අනුව ලබන මාසයේදී පළමු වරට එම එන්නත මානව අත්හදා බැලීම සඳහා සුදානම් කිරීම ඔවුන් විසින් සිදු කෙරෙනු ඇති.

මිට අමතරව අමෙරිකාවේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Moderna and Inovio නිවේදනය කර සිටියේ ඔවුන් ද ලබන මාසයේදී කොරෝනා වෛරසය සඳහා නිපදවූ එන්නත මානව අත්හදා බැලීම් සඳහා සුදානම් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *