කොරෝනා නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවට සිදුවන දේ පිළිඹද ලෝක බැංකුව කියයි

කොරෝනා වෛරසය නිසා ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතල පසුබෑමකට ලක්වන බව ලෝක බැංකුව අනතුරු අඟවනාවා. පසුගිය ගතවූ 40 තුළ දක්නට ලැබුණු දකුණු ආසියාවේ ආර්ථිකයේ නරකම හා අවදානම්ම කාලය බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. එම නිසා දුගී බවෙන් මිදීමට වසර ගණනක් පුරා ඔවුන් ලගා කරගත් ප්‍රගතිය ආපස්සට ගමන් කරනු ඇති බවටයි ලෝක බැංකුව පවසන්නේ.

ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය වැනි රටවලි වර්තමානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සුළු වශෙයන් වාර්තා වුවත් ඉදිරි කාල වකවානුව තුළ එම තත්වය වෙනස් විය හැකි බවටයි මත පළ වී ඇත්තේ.

කොරෝනා වෛරසය හමුවේ ඇති වන අහිතකර බලපෑම්වලට දකුණු ආසියාව පුර්ණ වශයෙන් හසුවන බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *