කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (6) සිට සිකුරාදා (08) දක්වා දින තුනක දී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (6) සහ හෙට (7) පස්වරු 4.30 සිට 7.00 දක්වා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. පනත් කෙටුම්පත් දෙකේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට (07) පස්වරු 7.00 ට පැවැත්වීමට ද එකඟ වී තිබේ. අනතුරුව පනත් කෙටුම්පත් දෙකේ තෙවැනි වර කියවීම පස්වරු 7.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම දින දෙකේ වාචික ප්‍රශ්නෝත්තර සැසියක් වෙනත් දිනකට යොමු කිරීමට ද තීරණය කර ඇති අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය එම දින දෙකේ පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතයි. කලින් තීරණය කළ පරිදි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම සැප්තැම්බර් 8 වැනිදා සවස 5.30 ට පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *