කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය ගැන තීරණයක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සැප්තැම්බර් මස පළමු පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට තීරණය වී තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පෙරවරුවේ රැස්විය.

එහි දී සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දින 03ක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා ලබාදීමට තීරණය වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *