කුළුබඩු ප්‍රති අපනයන තීරණය අත්හිටුවයි

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය තීරණය කර තිබේ.

කුළුබඩු ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට  අවසර දීම මගින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවටත්, ඒ හේතුවෙන් දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවටත් පෙන්වා දෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පැවති අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී අදාල ගැසට් නිවේදනයට විරුද්ධත්වය පළ කර ඇත. ෙඑසේම ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ‍ ‘ලොව හොඳම කුළුබඩු’ ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩු වල ප්‍රමිතිය සඳහා මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල වන බවයි.

ඒ අනුව ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *