කුඩු තොගයක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු ෂිවා’ නමැත්තාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අප්‍රේල් 20 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවන නන්දකුමාර් ෂිවනන්දන් හෙවත් ‘කුඩු ෂිවා’ නමැත්තා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාව මධ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2022 ජුනි මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හෙරොයින් ග්රෑම් 478ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්රෑම් 02කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබු අතර එහි ශූද්ධ හෙරොයින් ග්රෑම් 478ක් ඇති බව රජයේ රස පරීක්‍ෂවරයා විසින් තහවුරු කර තිබිණී.
නඩුව විභාග කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇද්දැයි සනාථ කර ගැනීම සඳහා පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන අප්‍රේල් 20 වැනිදා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.