කිලිනොච්චියේ

කිලිනොච්චියේ සිදුවූ පිපිරීමට සම්බන්ධ තවත් පුද්ගයකු අත්අඩංගුවට

කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප්‍රදේශයේ නිවෙසක් තුළ සිදුවූ පිපිරීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන ඒකකයේ සහ කිලිනොච්චිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය කලාපයට අනුයුක්තව සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙකුයි. අදාළ සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර සිවිල් ආරක්ෂක බලකායට එක්වී ඇත්තේ පුනරුත්තාපනය වීමෙන් අනතුරුවයි.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ ත්‍රස්ත විමර්ශන භාරයේ රඳවා තබා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන අතර එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරුවලට අනුව මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් අදාළ පුපුරණ ද්‍රව්‍ය මෙම සැකකරුවන් විසින් සකස් කළේ කුමන කටයුත්තක් වෙනුවෙන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *