කැළණි සරසවියේ CCTV ගැලවූ සිසුන්ට වසර 2ක පන්ති තහනමක්

කැළණි සරසවියේ CCTV කැමරා ගැලවීමේ සිද්ධිය සම්බන්ධ උපාධි අපේක්ෂකයින් 25 දෙනාට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් වසර දෙකක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම CCTV කැමරා පද්ධතිය නැවත කඩිනමින් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් විශ්වවිද්‍යාල ආරංචිමාර්ග සදහන් කරයි.

මේ අතර 2017/2018 අධ්‍යයන වර්ෂය 2020/02/29 දිනයෙන් අවසන් වන බැවින් එදින පෙරවරු 8ට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවටද පත්කර තිබේ. එසේම පෙරවරු 8ට පෙර සියලුම සිසුන් නේවාසිකාගාරවලින්ද ඉවත් විය යුතු බවට පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

සති අන්ත පශ්චාද් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨාමාලා, සහතික පත්‍ර පාඨමාලා හා ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බවද පාලනාධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *