කැලණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යනවා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කැලණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි ගඟ නාගලන්වීදිය ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම  ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ජල මට්ටම් ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් එම ගංඟා ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *