ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමූ වූවාය.
කාන්තන්කුඩියේ සිට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා දැරිය අග්‍රාමාත්‍යවරිය හමුවී සංදේශයක් ද බාර දුන්නාය.
ෆාතිමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට සාවධානව ඇහුම්කන් දුන් අග්‍රාමාත්‍යවරිය ඇය සමග සුහඳ කතාබහක ද නිරත වූවාය.