ක්ෂය රෝගීන් වැඩි වෙලා

මෙවර ක්ෂය රෝගීන් සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරයි.

මේ අනුව පෙනහළුගත ක්ෂයරෝගීන්ගේ වර්ධනයක් පවතින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ‌වෛදය නිසායා කාදර් මහත්මිය ප්‍රකාශ කළේය.

මේ වසරේ ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මෙම මස 29 දින කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ජාතික වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවාසීන් දැනුවත් කිරීම සහ 2035 වර්ෂය වනවිට ක්ෂය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව සියයට 95 ක් දක්වා අඩු කිරීමට මෙන්ම ජනගහනයෙන් 100,000කට ක්ෂය රෝගීන් 10 ක් දක්වා අඩු කිරීමට අපේක්ෂිතයි.

ජාතික දිනය වෙනුවෙන් පළාත් ,දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ප්‍රජා මට්ටමින් රෝග නිවාරණ සහ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *