කළුතර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයින්ට පහරදීලා

කළුතර උතුර ගල්පාත රජයේ රෝහලට කඩා වැදුණු  පුද්ගලයකු  සෞඛ්‍ය කාර්ය සහයකයන් දෙදෙනකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදී තුවාල සිදු කර ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.

තුවාල ලද සේවකයන් දෙදෙනා වන වාද්දුව දෙල්දුව කොපිය වත්ත ප්‍රදේශයේ   පස්කඩුව කළුතර උතුර පදිංචි දෙදෛනකි. ඔවුන්එම රෝහලේම ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

එම පහර දීමෙන් සේවකයකුගේ දකුණු අතට බරපතළ තුවාල සිදුවී ඇත.

පහර දුන් බව කියන පුද්ගලයා පසුගිය  (7) රාත්‍රී  පිරිසක් සමග සාදයක් පැවැත්වීමෙන් අනතුරුව  ආරවුලක් හටගෙන ඇති අතර ඔහුට පහර දීම සඳහා පුද්ගලයන් කීප දෙනෙකු පාතකඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි.

එහිදී ආරවුලට මැදි වූ ඔහුගේ මවගේ අතකට තුවාල සිදුවීමෙන් අනතුරුව  නිවසේ කීප දෙනෙකු ඇයට ප්‍රතිකාර ලබාදීම සඳහා ගල්පාත රෝහල කරා රැගෙන විත් තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *