කලාකරුවන් 120 දෙනෙකුට සාම විනිසුරු පදවි

දේශීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිය කුසලතා සහ නිර්මාණශීලී දායකත්වය ලබාදුන් නළු නිළියන් ඇතුළු ශ්‍රී ලාංකික කලාකරුවන් 120 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් පිරිනැමිණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් සංකල්පයක් යටතේ අධිකරණ අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ප්‍රදානය කර ඇත.

සිනමාව, වේදිකා, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගායනය, ගීත රචනය යනාදී ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන්ට සාම විනිසුරු පදවිය පිරිනමන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *