කල් ඉකුත්වූ රියදුරු බලපත්‍රවලට සිදුවන දේ

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොරෝනා (COVID-19) ‌වෛරසය අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙසට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දැනට එම කාර්යාලයේ කටයුතු සිදු නොවන බැවින් මෙම රියදුරු බලපත් වලංගු කාලසීමාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ පිලිබඳව එහි නිලධාරින් සමග අද (17) දින අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් පවත්වන ලදී.

ඒ අනුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නැවත එම කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බැවින් කොවිඩ් 19 වසංගතය අවසන් වන තෙක් කල් ඉකුත්වු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ග කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම මේ සම්බන්ධව ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙස ද අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *