කරුණා අම්මාන් පැය 7කින් පසු CID යෙන් පිටව යයි

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (25) පැය 7ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පිටත්ව ගොස් තිබේ. අද පෙරවරු 10.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනිම සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණි.

අදාළ දිනයේ තමන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *