ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උගර, කන, නාසය පිළිඹදව රාජකාරී කළ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (07) තහවුරු වී ඇත.
කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම වෛද්‍යවරයා පීසීආර් පරීක්ෂණයක් කරවාගෙන තිබෙන අතර, එහි ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම වෛද්‍යවරයා පසුගිය 26 වැනිදා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී රෝගියකුට සහ එදින වාට්ටුවේදී කෘත්‍රිම ස්වාසනාළයක් දමා ඇති රෝගියකුටද මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර කොට තිබේ. වෛද්‍යවරයා තුළින් පසුගිය 4 වැනිදා වන විට කොවිඩ් රෝග ලක්ෂණ මතුවී ඇති බැවින් ඔහු රෝහලට වාර්තා වී නොමැත.
මේ වන විට එම වාට්ටුවේ සියලුම දෙනා පී සී ආර් පරීක්ෂාවට ලක කර ඇති අතර ප්‍රතාකාර ලබා පිටව ගිය අයද පරීක්ෂණ වලට යොමු කිරීමට කටයුතු යොදා තිබේ.