කමිටු කාමරය තුළ තිබූ කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයා ගත් බවට පළ වූ වාර්තා අසත්‍ය: පාර්ලිමේන්තු මහලේකම්

පාර්ලිමේන්තු කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මාධ්‍යවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවත්, ඒ පිළිබඳ දැනටමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් මහලේකම්වරයා පැවසීය.

ඉහත ගැටලුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අදාළ කමිටු සාමාජිකයින් පෞද්ගලිකව හමුවීමට හෝ දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් අදාළ කරුණු පිළිබඳව දැනුම් දීමට අවස්ථාව ලබා දී ඇති බව ඇය පැවසුවාය.

අදාළ කමිටු සාමාජිකයින්ට අමතරව පාර්ලිමේන්තු මහලේකම්වරයාට සහ සහකාර මහලේකම්වරයාටද තොරතුරු ඉදිරිපත් කළ හැකි බවට අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

අදාළ කමිටු මගින් සිදුකරන පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන බවත් කිසියම් නිලධාරියෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මහලේකම්වරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *