කබ්රාල්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කබ්රාල්ට එරෙහිව මෙම පෞද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා.

කබ්රාල්ගේ නීතීඥවරයා ගොනු කළ මූලික විරෝධතාව සැලකිල්ලට ගත් අධිකරණය එම පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු අපොහොසත් වී ඇති බැවින් පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2006 සිට 2015 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෞද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *