කතකගෙන් අල්ලස් ගත් කාති විනිසුරු මාට්ටු

දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,500/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන උඩතලවින්න කාති උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කාති උසාවිය තුළදීම අත්අඩංගුවට ගනු ලැබීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී මෙම කාති විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

රජඇල්ල කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකාරියක ඇගේ සැමියාගෙන් දික්කසාදවීම සඳහා උඩතලවින්න කාති උසාවියේ නඩුවක් පවරා ඇති අතර ඇයට අදාළ දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට සැකකාර කාති විනිසුරුවරයා කාන්තාවගෙන් රුපියල් 4,500/-ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *