ඕස්ට්‍රේලියාවේ හා ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් දිවයිනට

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 දෙනෙකුගෙන් යුත් පිරිසක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-1042 සහ UL-605 යන ගුවන් යානා දෙකෙන් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන් 18 දෙනෙකු රැගෙන UL-1042 ගුවන් යානය අද අලුයම 4.45 ටත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන UL-605 ගුවන් යානය අද අලුයම 5.50 ටත් කටුනායක ගුවන් තොටුපළ වෙත ලගාවනු ලැබුවා.

මෙම යානා දෙකෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *