ඔසුසැල් සේවකයින්ට එන්නත් නොලැබුණහොත් සියළුම ඔසුසැල් වසා දමන බව ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි

පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

ඔසුසැල්වල සේවය කරන පිරිස් නිරන්තරයෙන් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් සමඟ සම්බන්ධ වන පුද්ගලයින් බැවින් ඔවුන් සඳහා එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය බව එම සංගමයේ මාධ්‍ය ලේකම් සිදත් සුරංග මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ද ඔසුසැල් විවෘතව තබමින් ජනතාව සඳහා අවශ්‍ය ඖෂධ සැපයීම් සිදුකරන ඔසුසැල් සේවකයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතු බව ඔහු පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *