තම ජාතික හැඳුනුම්පත් (NIC) අංක යටතේ නිකුත් කර ඇති ජංගම සිම් කාඩ්පත් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය. ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ හැඳුනුම්පත් යටතේ ලියාපදිංචි වී ඇති වෙනත් සිම්පත් තිබේ නම් සහ එවැනි සිම් කාඩ්පත් අවභාවිතයක් සිදු වන්නේ නම්, එම සිම් කාඩ්පත ලියාපදිංචි කර ඇති පුද්ගලයා එහි වගකීම දැරිය යුතු වන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( TRCSL) පැවසීය.
මහජන නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පැවසුවේ ජංගම සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමේ සේවාවක් රට පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.
පාරිභෝගිකයන් භාවිත කරන ජංගම දුරකථනවල සිම් කාඩ්පත ඔවුන්ගේ නමින් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
“ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත යටතේ නිකුත් කරන ලද සිම් කාඩ්පත් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු අතර, එසේ නොකරන්නේ නම්, එවැනි සිම් කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය.
පුද්ගලයන්ට තම ජංගම දුරකථනවල #132# අංකය ඇමතීමෙන් තමන් දැනට භාවිත කරන දුරකථන සමාගමට අදාළ තොරතුරු ලබාගත හැකි බව කොමිසම පවසයි.
ඔවුන් භාවිතා කරන දුරකථන සමාගම හැර වෙනත් ඕනෑම දුරකථන සමාගමක තම ජාතික හැඳුනුම්පත් යටතේ ලියාපදිංචි සිම් කාඩ්පත් තිබේදැයි එම සමාගම්වල පාරිභෝගික සේවාව ඇමතීමෙන් දැනගත හැකිය.
ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ හැඳුනුම්පත් යටතේ ලියාපදිංචි වී ඇති වෙනත් සිම්පත් තිබේ නම් වහාම එම සිම්පත් අවලංගු කළ යුතුය.
පරිශීලක නාමය යටතේ ලියාපදිංචි නොවී කිසියම් සිම් පතක් භාවිතා කරන්නේ නම්, ඔවුන් සිම් කාඩ්පත හිමි අදාළ විදුලි සංදේශ සමාගම අමතා එය ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.
ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන ජංගම දුරකථන සේවාවේ සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමේ මූලික වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් සඳුදා (13) පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.