එ.ජා මානව හිමිකම් මහ කොමසාරිස් පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය.

කථානායකවරයා සමඟ පැවති හමුවෙන් පසු, මහ කොමසාරිස්වරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය.

රටේ සමාජ-දේශපාලන තත්ත්වය සහ ඔවුන් නියෝජනය කරන ජනතාව මුහුණ දෙන අභියෝග පිළිබඳව දේශපාලන පක්ෂ නායකයෝ මෙහිදී අදහස්  ඉදිරිපත් කළහ.

මෙම සාකච්ඡාවට  සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ නායකයෝ සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *