නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
හෙට සහ අනිද්දා යන දෙදින තුළ මෙරට ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට සැලසුම් කර ඇති අතර පිට පළාත්වල සිට කොළඹ දිස්ත්‍රික්කයට එළවළු ප්‍රවාහනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද යොදවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරන කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා,
“කොළඹ දිස්ත්‍රික්යේ නිරෝධායන ඇඳිරිනීතිය නිසා අත්‍යවශ්‍ය අහාර ජනතාවට ලබාදීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව ගෙන විශේෂ වැඩසටහනක් මේ වෙන විටත් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම හෙට සහ අනිද්දා යන දිනවලත් ආර්ථික මධ්‍යස්ථාන විවෘතකරනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නාරාහේන්පිට, බෝකුන්දර ඒ වාගේම මීගොඩ කියන ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳම සඳහා විවෘතව තැබීමට සියලුකටයුතු සම්පාදනයකරලා තිබෙනවා. මෙම ආර්ථික මධ්‍යස්ථානවලට පිට පළාත්වලින් විශේෂයෙන්ම ගොවීන්ගෙන් සහ අනෙකුත් වෙළෙඳ මහත්වරුන්ගේ ඒ නිෂ්පාදන මෙම ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒමට අපි දිගටම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව එම ගොවි ජනතාවගේ නිෂ්පාදන ගෙන ඒමටත් මේවන විට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍රකර ගෙන දඹුල්ල, නුවරඑළිය සහ තඹුත්තේගම කියන ආර්ථික මධ්‍යස්ථානත් එම ප්‍රදේශවල ප්‍රාදේශිය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධකර ගෙන එම ගොවි ජනතාවගේ එළවළු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හරහා කොළඹ දිස්ත්‍රික්කයටත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයටත් බෙදාහැරීමට අපි කටයුතු කරනවා.“