මහබාගේ ඇල්පිටිවල ප්රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැදවු යුද හමුදා සෙබළාට සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන්නැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අඹුසැමි යුවළක් ඇතුළු සුරියවැව ප්රදේශයේ සිව්දෙනෙකු ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.
සිද්ධියට අදාළ විමර්ශන බාරගත් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්”ඒ”සී” පද්මසිරි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්රගතිය අධිකරණයට වාර්තා කිරීමටද පොලිසියට නියම කළේය”
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්රගතිය දැනුම් දුන් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්”ඒ”සී” පද්මසිරි මහතා මෙම ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැදවු නුවන් ලක්ෂිත නමැත්තා අපරාධයෙන් පසු සුරියවැව විහාරගල ප්රදේශයට ගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව කළ විමර්ශනයේදී මෙම සැකකරුවන් ඔහුට නවාතැන් හා ආහාර දෙමින් ඔහුට සැඟවී සිටීමට ආධාර උපකාර කර ඇතැයි දැනුම් දුන්නේය”