නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට දිවයින පුරා එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ට තම වගාවට ජලය පොම්ප කිරිම සදහා අවශ්‍ය ඩිසල් හිගයකින් තොරව ලබාදිමට නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් එකගතාවය පල කර ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
(01)දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට ඉන්ධන නොමැති විම හමුවේ නුවරඑලියේ එලවළු වෙලදාම 60% කින් පහල වැටි තිබිමත්,නුවරඑලියේ එලවළු වගා කරන ගොවින්ට තම වගා භුමියට අවශ්‍ය ජලය ඉසිම සදහා ජල පොම්ප වලට අවශ්‍ය ඩිසල් නොමැති විම හමුවේ ගොවින් පිඩාවට පත් වි සිටිම සම්බන්ධයෙන් (28) දින මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කල බවයි.
එම අනාවරණයෙන් පසුව වගකිය යුතු නිලධාරින්ගේ මැදිහත් විමක් මත නුවරඑලිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකෙන්ම අයිතිකරුවන් විසින් නිසි ක්‍රමවේදයක් යටතේ එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ එලවළු වගා කරන ගොවින්ට වගාවට ජලය ඉසිම සදහා අවශ්‍ය ඩිසල් ලබාදිමට ඔහුන් එකගතාවය පල කල බවයි.
එම අවස්තාව අනිසි ලෙස භාවිතා නොකර තම අවශ්‍යතාවයට පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසත් ඒ සදහා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් නිර්දේශයක් එලවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට සහ එලවළු වගා කරන ගොවින්ට ලබාදිමට පියවර ගෙන ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.