එම්.සී.සී. ගිවිසුම ගැන අවසන් වාර්තාව අද ජනපතිට ඉදිරිපත් කෙරේ

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් (MCC) ගිවිසුම පිළිබඳ සිදුකළ සමාලෝචනයේ අවසන් වාර්තාව අද (25) ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතබ තිබේ.

විවිධ පිරිස් වල අදහස් හා යෝජනා අනුව ගිවිසුමේ ඇතුලත් සියළු කරුණු පුළුල්ව විමර්ශනය කරමින් මාස 06 ට පමණ කාලයක් මේ පිළිබඳ සමාලෝචනය සිදුකර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක අධ්‍යනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මඟින් මෙහි සමාලෝචනයන් සිදුකර තිබුණු අතර අදාල වාර්තාව ඊයේ අගමැති මහින්ද රාජපක‍ෂ මහතා වෙතද බාරදී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *