ඉදිරියේදී පැවැත්වෙන් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සන්ධානය නිර්මාණය කිරීම මේ වන විටත් අවසන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
මේ වන විටත් එම සන්ධාන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවට පත්ව ඇති බවත්, ඒකමතිකව අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කර ඇති බවත් මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ඉදිරියේ දී තීරණය කරනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.