ජනාධිපතිවරණයට මුහුණදුන් ආකාරයෙන් ඉදිරි මහමැතිවරණයට මුහුණ දිය නොහැකි බවත්, බහුතර මතයට ඇහුම්කන්දී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.
එක්සත් ජාතික පක්ෂය යනු තනි පුද්ගලයකුගේ බූදලයක් නොවන බවත් එය දෙමව්පියන්ගේ හිමිකාරිත්වයෙන් ලියා දුන් දෙයක්ද නොවන බවත් පාක්ෂිකයින්ගේ හා ඡන්ද දායකයන් පක්ෂයේ අයිතිකරුවන් බවත් පැවසූ එතුමිය, පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ බොහෝ කෙටි කාලයක් ඇති බවත් ජනතාවගේ හඬට ඇහුම්කන් දී බහුතරයක් පවසන දෙයට අවධානය යොමු කර තීරණයක් ගත යුතු බවත් වැඩිදුරටත් පැවසීය.
එතුමිය මේ අදහස් පළකලෙ අනුරාධපුරදී මාධ්‍ය හමුවකදීය