එකවර රෝගීන් 4කට කෘත්‍රීම ශ්වසනය දිය හැකි යන්ත්‍රයක් මහනුවර රෝහලේ නිලධාරියෙක් විසින් නිර්මාණය කරයි

රෝගීන් සිව්දෙනෙකුට එකවර කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් මහනුවර මහ රෝහලේ නිලධාරියෙක් විසින් නිර්මාණය කර තිබේ. ඒ මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා විසින්. සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද දින (02) එම යන්ත්‍රය හදුන්වාදීම සිදු විය.

බිහාන් හපුතන්ත්‍රී මහතා පවසන්නේ කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ පෙනහළු ක්‍රියාකාරීත්වය අක්‍රීය වීම හේතුවෙන් කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර යොදා ගෙන ප්‍රතිකාර සේවාවන් සිදු කළ යුතුව ඇති බවයි. ඔහුගේ නිර්මාණය කළ එක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන්ට විෂබීජ පැතිර නොයන පරිදි රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය එකවර ලබාදිය හැකියාව තිබේ.

ශ්‍රී ලංකාව තුල රුපියල් ලක්ෂ 40 ක් පමණ වන මෙම කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර 500 ක් පමණ තිබුනත් කොරෝනා රෝගීන් සදහා ඒවායින් ප්‍රයෝජනයට ගත හැකි වන්නේ යන්ත්‍ර 300 ක් වැනි ප්‍රමාණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *