මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග කල්දැමීමේ යෝජනා සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී නිවේදනයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ උසස් පෙළ විභාග ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් දැමීමට යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තුන්වැනි සහ පළමු පාසල් වාරය මේ වසරේ ඔක්තෝම්බර් මාසයටත් පළමු පාසල් වාරය 2024 පෙබරවාරි මාසයටත් කල් දමා උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කවිරත්න යෝජනා කළේය.
උසස් පෙළ ප්‍රතිඵල ලබන වසරේ මැයි මාසය වන විට නිකුත් කළ හැකි බවත්, ලබන වසරේ උසස් පෙළ විභාග සාමාන්‍ය පරිදි ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට හැකි බවත් ඇය පැවසුවාය.
මෙම යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන බව අමාත්‍යවරයා පැවසීය.