උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පිළිඹඳව දැනුම්දීමක්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නව හා පැරණි නිර්දේශයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ වනවිට ආරම්භ වී ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින හුදකලා කරන ලද ප්‍රදේශවල අයැදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානයට යාම, ඒම සඳහා සිය විභාග ප්‍රවේශ පත්‍රය හා ජාතික හැඳුනුම්පත භාවිත කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නර්තනය දේශීය හා භරත විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය 05 වැනි දා පැවැත්වුණු අතර, ජෛව පද්ධති තාක්ෂණවේදය හා ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සහ ලබන 21 වැනි දා පැවැත්වේ.

මීට අමතරව ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගිතය, නාට්‍ය හා රංග කලාව( සිංහල, දෙමළ, ඉංග්‍රිසි) විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ලබන 26 වැනි දා පැවැත්විමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *