උසස් පෙළ අගෝස්තු 5 සිට : ශිෂ්‍යත්වය අගෝස්තු 4

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන අගෝස්තු 5 වැනිදා සිට අගෝස්තු 31වැනිදා දක්වා පැවැත්වෙන බවත් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 4 වැනිදා පැවැත්වෙන බවත් විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 337,704 දෙනකු පෙනී සිටීමට නියමිතව ඇති අතර එය විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වීමට නියමිතය. මේ වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 315ක් විවෘතව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය සඳහා අයැදුම්කරුවෝ 339,369ක් පෙනී සිටින අතර එම විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,995කදී පැවැත්වේ.

2019 අපොස උසස් පෙළ විභාගයට අදාළව ජූලි 30 දින මධ්‍යම රාත්‍රී 12 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් සහ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ජූලි 31දා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම තහනම් බවද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *