උද්ධමනය ඉහළ ගිය පසු රජය දඩ මුදල් වැඩි කරයි

වත්මන් මිල ගණන් පිළිබිඹු වන පරිදි රටේ දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති දඩ මුදල් රජය විසින් වැඩි කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“පැරණි නීතිවල පැරණි දඩ මුදල් මෑතකාලීනව භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යාමක් සමඟ නොගැලපෙන බැවින් වත්මන් මිල ගණන්වලට සාපේක්ෂව කුඩා දඩ මුදල් පමණක් අය කෙරේ” යනුවෙන් ගුණවර්ධන අමාත්‍යවරයා වාර්තාකරුවන්ට පැවසීය.

“අදාළ ව්‍යවස්ථාදායක වෙනස්කම් සිදුකිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.”

පොලී අනුපාත යටපත් කිරීම සඳහා රුපියල් ට්‍රිලියන ගනනක් මුද්‍රණය කිරීමෙන් පසු, එක්සත් ජනපද ඩොලරයට රුපියල 180 සිට 330 දක්වා කඩා වැටීමෙන් පසුව, 2022 දී ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 70 දක්වා ඉහළ ගියේය.

දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථ දක්වා ඇති පරිදි නීතිමය දඩ මුදල් “වත්මන් මූල්‍ය වටිනාකමට” අනුව සංශෝධනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජිත පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව 06.12.23 දිනැති කැබිනට් තීරණයෙන් ප්‍රකාශ විය.

පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *