ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්‍ෂා කිරීමට රජයේ අධිෂ්ඨානශීලී කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර ආගමික කටයුතු සඳහා ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පිහිටුවන බව පැවසීය.
“බාහිර පාර්ශවයන් නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති කිරීම වැළැක්වීමට අප අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව මම අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතුයි. සංහිඳියාව ඇති කිරීම සහ ගැටුම් ඇති විය හැකි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඒ ඒ පළාත්වල ගෞරවනීය ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පිහිටුවීමට අපි ක්‍රියාකාරීව කටයුතු කරනවා. මෙම නායකයින්ගේ සාමූහික උත්සාහය වන්නේ මතුවන ගැටුම් වළක්වා ගැනීමට සූදානමින් සිටින බව ඔහු මහනුවර සංචාරයේදී පැවසීය.
“සියලුම බෞද්ධ සිද්ධස්‌ථාන ආරක්‍ෂා කිරීම අපගේ පරම යුතුකම ලෙස සලකමින් අපි ඉතා ඉහළින් සලකනවා. මේ සම්බන්ධයෙන් උතුරු ප්‍රදේශයේ කුරුන්දි විහාරස්ථානය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමට අපි කටයුතු කර තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය