අද (23) සිට නැවත දැනුම්දෙනතුරු බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම තීරණය ගෙන ඇති බවය.
අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවන බැවින් මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.