ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු ඊයේ විවෘත කෙරුණා.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 12ක් ඊයේ පස්වරුවේ විවෘත කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කාර්යාලය සඳහන් කළේය.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබී ජල ධාරිතාව ඉහළ ගියහොත් ඉතිරි වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන බව ඔවුන් ප්‍රකාශ කළේය.
හදිසි ගංවතුර හේතුවෙන් පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.
මේ අතර නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.
වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කැලණි ගඟේ ඉහළ මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශ භාර නිලධාරීවරයා සඳහන් කළේය.