අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්රහාරයක් වෑන් රථයකට වැදීමෙන් එහි සිටි ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී ඇත.
හුංගම, හාතගල ප්රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී පොලීසිය විසින් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියට එල්ල කළ වෙඩි ප්රහාරයේ ඉලක්කය වැරදී ඒ අසළින් ගමන් ගත් වෑන් රථයකට වෙඩි වැදී ඇත. වෙඩි පහරින් වෑන් රථයේ ගමන් ගත් හිමි නමක් අපවත් වී ඇති බවට වාර්තා වේ.
වේ වන විට අපවත් වු හිමි නමගේ දේහය අගුණකොලපැලැස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.