ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ ගොස් රුපියල් 361 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් ඉහළ ගොස් තිබේ.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 341 කි .
ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 231 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ලංකා IOC සමාගම ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව ඉන්ධන මිල ද සංශෝධනය කරන බවයි.