ඉන්ධනවල ප්‍රමිතියෙන් තොර බව පිළිබඳ පැමිණිලි සහ සැකයන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) වාර්තා කළ හැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ CPC ක්ෂණික දුරකථන අංක 0115 455 130 හෝ 0115 234 234 ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
මේ අතර ඉන්ධන පිරවුම්හල් කිහිපයකට භූමිතෙල්වලට ඩීසල් මිශ්‍ර කර ඇති බවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිශ්‍ර කර ඇත්නම් ඒවාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේය.