Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් 6.6 ක භූමිකම්පාවක්: ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්දුනීසියානු වෙරළට ඔබ්බෙන් සඳුදා (නොවැම්බර් 16) මැග්නිටියුඩ් 6.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කරයි.

ටුවාල් (Tual) නගරයට කිලෝමීටර් 148 ක් (සැතපුම් 92 ක්) පමණ බටහිර-නිරිත දෙසින්, කිලෝමීටර් 68 ක් (සැතපුම් 42 ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව සිදුව ඇත.

කෙසේ වෙතත්, ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව ක්ෂණික වාර්තා නොලැබුණු අතර, සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳ තොරතුරු ද වහාම ප්‍රකාශයට පත් වී නොතිබුණි.

මේ අතර, මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ශ්‍රී ලංකාවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිතව පවතින බව ද එම මධ්‍යස්ථානය තහවුරු කර ඇත.

ඔබේ අදහස