මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.
යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 17ක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කළේය.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 03 සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 17 කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.
එමෙන්ම මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2023 වසරේ සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා 17 ක් සහ ඉන්දීය ධීවරයින් 110 දෙනෙක් සිය භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.