සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ ඉන්දියානු ජාතිකයන්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී වෙනත් රටවල්වලට පිටත් කර යැවීම සදහා පෞද්ගලික ආයතනයක් මගින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන වහා අත්හිටුවිය යුතු බවයි.
එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත්, එය මෙරට ජනතාව අනතුරට හෙළීමක් වන බව වැඩි දුරටත් ඒ මහතා පවසා ඇත.