ඉදිරි වසර තුළ ධනවත් සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
පසුගියදා පැවති ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව කියා සිටියා.
2024 දී සංචාරකයින් මිලියන 5ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සමගාමීව සකස් කිරීම කෙරෙහි ද කමිටුවේ අවධානය යොමු විය.
කමිටුව අමතමින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ හෝම් ස්ටේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා එවැනි සංචාරකයින් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සමාජය සූදානම් විය යුතු බව කමිටුව පෙන්වා දෙයි.
ඒ අනුව සංචාරකයන්ගෙන් මුදල් වංචා කිරීම නවතා සංචාරකයන් ගෞරවාන්විතව පිළිගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි පැමිණ සිටි මන්ත්‍රීවරුන් සඳහන් කළේ. මේ වන විටත් තෝරාගත් ප්‍රදේශයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන බව නිලධාරීහු පෙන්වා දුන්හ.
තවද, ප්‍රාදේශීය මට්ටමින් සංචාරක ආකර්ෂණයට ලක්වන ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය සඳහා ක්‍රමවේද සකස් කිරීම වැදගත් බව ද කමිටුව පෙන්වා දෙයි.