ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටලු විසඳන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අග්‍රාමාත්‍යවරයා සඳුදා (28) අරලියගහ මන්දිරයේදී සමෘද්ධි නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල නිලධාරීන් හමුවී ඔවුන්ගේ දුක්ගැනවිලි සාකච්ඡා කළේය.
සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවකට අන්තර්ග්‍රහණය කිරීමත් සමඟ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතින බව වෘත්තීය සමිති පෙන්වා දුන් අතර එහිදී මෙම ගැටළු විසඳීමට බාධා කර ඇත අණපනත් චක්‍රලේඛ සහ කැබිනට් තීරණ සම්බන්ධයෙන් නිලධාරීන් කරුණු පැහැදිලි කළා.