ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීමෙන් රජයට කෝටි දෙදහසකට අධික පාඩුවක්

මහා මාර්ග සහ පාලම් ඉදිකිරීමේ යනාදී කොන්ත්‍රාත් කටයුතු නිසි වේලාවට ක්‍රියාත්මක නොවීමට අදාළව 2019 වසරේ දී රජයට රුපියල් කෝටි 2462ක් අහිමි වී ඇති බව 2019 විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

එලෙස නිසි කලට කොන්ත්‍රාත් ප්‍රදානය නොකිරීම හේතුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව මගින් ලබා දීමට නියමිතව තිබූ රුපියල් කෝටි 1170ක් රජයට අහිමි වී තිබේ. එම මුදල ජාතික මාර්ග ජාලය හා පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ පාලම් 19ක් ඉදිකිරීම වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබුණි.

එමෙන්ම ඉංගිරිය – රත්නපුර මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවේ විෂය පථය වෙනස් වීම සහ වැඩ සැලසුම අනුමත කිරීම ප්‍රමාද වීම නිසා කොන්ත්‍රාත්කරුට වන්දි වශයෙන් රුපියල් කෝටි 100ක් ගෙවීමටද සිදුව ඇත. මේ සඳහා 2019 ඔක්තෝබර් 16 වැනිදා ඇමැති මණ්ඩලයේ අනුමැතියද ලබා දී තිබේ.

මාර්ග ව්‍යාපෘති හතරක වැඩ නියමිත කාලයට නිම නොකිරීම නිසා සිදුව ඇති විනිමය අලාභය රුපියල් කෝටි 1016කි. රුපියලේ අගය අඛණ්ඩව පිරිහීමෙන් මෙම අලාභය සිදුව ඇතැයි විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *